කල්ගිය නීතිඥ සංගම් නිලවරණය මාර්තු 15 වැනිදා

Saturday, 25 February 2017 - 14:10

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+15+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F
ලබන මාර්තු මස 15 වැනිදා නිලවරණය පැවැත්වීමට අද රැස්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබෙනවා.

කල්දමා තිබූ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි නීතිඥ සංගමයේ විධායක කමිටුව අද නීතිඥ සංගම් මූලස්ථානයේදී රැස්වුණේ.

පසුගිය 21 වන දා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය දින නියමයක් නොමැතිව කල් දැමුණා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සදහන් කළේ විනිසුරුවරුන්ගේ සංගමය නිලවරණයට සහයෝගය නොදැක්වීම ඊට හේතු වූ බවයි.

ඒ අනුව අද නීතිඥ සංගම් ව්‍යවස්ථාවේ සංශෝධනයක් ද සිදුකරගෙන ඇති අතර, එය පදනම් කරගෙන විනිසුරු සංගමයේ සහය නොමැතිව වුව ද නිලවරණය පැවැත්විය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අමල් රන්දෙණිය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories