සුළු ආරවුල ගැටුමක් දක්වා දුරදිග ගොස් පිරිසක් රෝහලට

Saturday, 25 February 2017 - 20:13

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
සුළු සිදුවීම් මත ආරම්භ වන ආරවුල් ගැටුම් දක්වා දුරදිග යාමෙන් ඊට මැදිවන පාර්ශවයන්ට මරණය හෝ බරපතල තුවාල ඇති කරන අතර සෙසු පාර්ශවයට සිදුවන්නේ සිරගතවීමටයි.

එලෙස සුළු සිදුවීම් මුල්කරගනිමින් ඇතිවු ගැටුම් දෙකක තොරතුරු අපට වාර්තා වුණා.

කුරුණැගල - දඹුල්ල මාර්ගයේ පොල්අත්තපිටිය ප්‍රදේශයේ ආපනශාලාවකට පැමිණි පිරිසක් අද අළුයම 1.30 ට පමණ එහි ආහාරගනිමින් සිටි පිරිසකට පහරදීම ඉන් එක් සිදුවීමක්.

පහරදීමෙන් අනතුරුව පිරිස පලාගොස් ඇති අතර පොලිසිය පැවසුවේ ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු කුරුණැගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකර ලබන බවයි.

ඉන් එක් පුද්ගලයෙකුගේ තත්වය බරපතල අතර ඔහු මේවන විට දැඩි සත්තාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

පොලිසිය පැවසුවේ පහරදීම සිදුකළ පුද්ගලයින් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

මේ අතර පෝද්දල බලගොඩ ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකුට තවත් ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු පහරදෙන අයුරු අදාල වෙළෙදසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරා වල සටහන්ව තිබුණා.

ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථ රියදුරාගේ එක් ඇසකට බරපතල හානි සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories