වැඩි මිළට සහල් විකිණු 1900 ක් අත්අඩංගුවට

Sunday, 26 February 2017 - 10:55

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%94+1900+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වැඩි මිළට සහල් අලෙවි කල වෙළඳුන් 1900 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසනවා.

එම වෙළඳුන්ගෙන් 1300 කට නඩු පැවරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඊයේ වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා වැටලීම්වල නිරතව සිටින බවයි.

එමෙන්ම පාලන මිළට වැඩි හෝ පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවට ද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories