සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

Sunday, 26 February 2017 - 12:59

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලාදුරු රෝගය බස්නාහිර පළාත තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න සඳහන් කළේ මූලික අවධියේදී රෝගය හඳුනාගන්නේ නම් එය බෝවීම වැළැක්විය හැකි බවයි.

ඉකුත් වසරේ දිවයිනේ ලාදුරු රෝගීන් 1855 දෙනෙකු වාර්තාවී ඇති බව පෙන්වා දුන් වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න සඳහන් කළේ ඉන් 155 දෙනෙකු වයස අවුරුදු 15 ට අඩු කුඩා ළමයින් බවයි.

වාර්තාවූ රෝගීන්ගෙන් සියයට 40 ක් බස්නාහිර පළාතෙන් වාර්තාවන බව පෙන්වා දුන් වෛද්‍යවරයා දකුණු පළාතේ රෝගීන් වාර්තාවීමෙන් දෙවන ස්ථානයට පත්වන බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව, කොරළවැල්ල, කොටහේන, මෝදර, මට්ටක්කුලිය, ආදී ප්‍රදේශවල රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව ඔහු සඳහන් කළා.

බෝවන රෝගයක් වන ලාදුරු රෝගය ශරීරගත වුවද එහි ලක්ෂණ පෙන්නුම් කිරීමට දීර්ඝ කාලයක් ගතවන බව කියා සිටි විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න  සඳහන් කළේ සමෙහි ඇතිවන අසාමාන්‍ය සංකූලතා පිළිබඳව ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories