මාතලේ - ලග්ගල - කළුගඟ ව්‍යාපෘතියේ කැණීම් සිදුකරන ගල් කොරියක පස් කන්දක් කඩාවැටීමෙන් ගල් සහ පස් අතර සිරවී සිටි සේවකයා පැය 8ක මෙහෙයුමකින් පසු මුදා ගත්ත ද රෝහල් ගත කරන විට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එම මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා දෙකකින් යුද හමුදා කමාන්ඩෝ භට කණ්ඩායම් දෙකක් ද එක්ව සිටියා.
පස් සහ ගල් අතර සිර වී සිටි පුද්ගලයා බේරා ගැනීමේ මෙහෙයුම අද පෙරවරු 8ට පමණ ආරම්භ කෙරුණු අතර ඔහු නිරුපද්‍රිතව එම ස්ථානයෙන් පිටතට ගනු ලැබුවේ පස්වරු 5යි 15ට පමණයි.
ලග්ගල - කළුගඟ ව්‍යාපෘතියේ කැණීම් සිදුකරන භූමියේ විශාල කළු ගලක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් අද උදෑසන මෙම අනතුර සිදුවුණා.
අනතුරෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා දාස්ගිරිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
මෙලෙස අද උදෑසන අනතුරට ලක්වූයේ බැකෝ යන්ත්‍රයකින් සහ ස්කැවේටර් යන්ත්‍රයකින් පස් කනිමින් සිටි සේවකයන් පිරිසක්.
ඡායාරූප - දඹුල්ල කාංචන ආරියදාස

Follow US
Most Viewed Stories