නව අගවිනිසුරුවරයා තෝරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Monday, 27 February 2017 - 14:56

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව අගවිනිසුරුවරයා තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රාත්‍රියේ රැස්වීමට නියමිතව තිබෙනවා.

කතානායකවරයාගේ කාර්යාලය සඳහන් කළේ අද රාත්‍රී 9ට කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමුකර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නම් මෙහිදී සලකා බැලෙනු ඇති බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල ප්‍රකාශ කළේ.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් හෙට දිනයේදී ධුරයෙන් විශ්‍රාම යාමට නියමිත අතර, ව්‍යවස්ථා සභාවේ නිර්දේශ ලැබීමෙන් පසු ජනාධිපතිවරයා නව අගවිනිසුරුවරයා පත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories