මුදල් අමාත්‍යාංශ ලේකම් අදත් ජනපති කොමිසමට

Tuesday, 28 February 2017 - 7:53

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ජනාධිපති කොමිසමට අද යළිත් මුදල් අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය එස්.එච්. සමරතුංග පැමිණීමට නියමිතයි.

මීට පෙර අවස්ථා දෙකකදී ඔහු කොමිසම වෙත කැදවා තිබුණා.

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට පෙර පැවති මූල්‍ය මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එහිදී නිශ්ශබ්ද ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, ප්‍රශ්න ගත බැඳුම්කර වැඩබලන මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ ඊයේ ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඇය කියා සිටියේ  අදාළ ගැසට් පත්‍රයේ 2015 වසරේ ජනවාරි පළමුවන දා ප්‍රසිද්ධ වූ බව සදහන් වුවද, එය මුද්‍රණය කළේ 2016 වසරේ බවයි.

මේ අතර, මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ පසුගිය පාලන සමයේ බැඳුම්කර නිකුතුවලින් සියයට 80ක් පමණ හිතවතුන් අතර බෙදා දී ඇති බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories