Monday, 20 March 2017 - 13:49
ලසන්තගේ ඝාතනයකර ඇත්තේ විශේෂ අවියකින් ඔළුවට පහරදී මොළයේ කොටස් එළියට ගැනීමෙන්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින් නොව, හිසට විශේෂ ආයුධයකින් පහර දීමකින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
ලසන්ත වික්රමතුංගගේ දේහය ගොඩගැනීමෙන් පසු සිදුකල පරීක්ෂණ වලදී මේ බව තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අද අධිකරණයට විශේෂ වාර්තාවක්ද ඉදිරිපත් කළා.
එහි සදහන්ව ඇත්තේ විශේෂ ආයුධයකින් හිසට ඇණ මොළයේ කොටස් එළියට ගැනීමෙන් මෙම මරණය සිදුකර ඇති බවයි.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් සහ එවක කොළඹ භාරව කටයුතු කළ යුධ හමුදා මේජර් ජෙනරාල් වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මගින් ප්‍රකාශ ලබා ගත් බවට අද දින අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සදහන්.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ එවක සිදුවූ මාධ්‍යවේදීන්ට පහරදීම් සිදුකර ඇත්තේ එවක යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ සිටි එකම කණ්ඩායමක් බව එම වාර්තාවේ දැක්වෙනවා.
එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙන්නේ මාධ්‍යවේදී කීත් නෙයාර්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින පිරිසත් ඉදිරියේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීමට සම්බන්ධ කිරීමට සිදුවිය හැකි බවයි.