Hirunews Logo
Update+%3A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 20 March 2017 - 15:27
Update : චීනය සමඟ ගිවිසුම්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ - ජනපතිගෙන් සහතිකයක්
18

Shares
2,186

Views
දිවයිනට පැමිණ සිටින චීන ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජෙනරාල් චෑන්ග් වන්ක්වාන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.

ජනාධිපති නිළ නිවසේදී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලීන සබඳතාව සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට චීනයෙන් ලැබෙන දායකත්වය අගය කර තිබෙනවා.

දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතා හේතුවෙන් ගිවිසුම් රැසකට එළඹෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ගිවිසුම් ශ්‍රී ලංකාවේ අභිමානයට, ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට හානියක් නොවන පරිද්දෙන් සිදුකරන බව ප්‍රකාශ කළා.

එහිදී චීන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ ජනතා සුබසිද්ධිය සඳහා ශක්තිමත් පදනමක් වැටී ඇති බවයි.




Update : Monday, March 20, 2017 18.50
-----------------------------------------------

දිවයිනට පැමිණ සිටින චීන ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චෑන්ග් වන්ක්වාන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.

ජනාධිපති නිළ නිවසේදී අදාළ හමුව අද පෙරවරුවේ සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලීන සබඳතාව සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට චීනයෙන් ලැබෙන දායකත්වය අගය කර තිබෙනවා.

එහිදී චීන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ ජනතා සුබසිද්ධිය සඳහා ශක්තිමත් පදනමක් වැටී ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
210 Views
10,059 Views
4,715 Views
1,715 Views
217 Views
5,277 Views
Top