Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Monday, 20 March 2017 - 17:05
විමර්ශන සිදුකරමින් සිටි අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මරුට
10,975

Views
ආයුර්වේද වෛද්‍යවරියකගේ රන් මාලයක් කොල්ලකා පළා යමින් සිටියදී වෙඩි වැදීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ හලාවත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, තේමිය මෙන්ඩිස් හදිසියේ මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටින අතරතුර අද දහවල් හෘදයාබාධයකට ලක්වීමකින් මොහු ජීවිතක්ෂයට පත්වූ බවයි හලාවත පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

හලාවත - ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී මෙම වෛද්‍යවරිය සැමියා හා දරුවා සමඟ යතුරුපැදියකින් යමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා රන් මාලය කොල්ලකා පලාගියේ අද උදෑසන 7.20 ට පමණයි.

අනතුරුව වෛද්‍යවරියගේ සැමියා සහ ප්‍රදේශවාසීන් ඔවුන් ලුහුබැඳ ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකින් පසු ආරච්චිකට්ටුව ප්‍රදේශයේ මාර්ග ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද ඔවුන් ලුහුබැඳ තිබෙනවා.

එහෙත්, පොලිස් අණ නොතකා යාම හේතුවෙන් බත්තුළුඔය පාලම අසලදී සැකකරුවන්ට වෙඩි තබා ඇති අතර, එහිදි එක් කොල්ලකරුවෙකුගේ පාදයකට හානි සිදුවුණා.

වෙඩි වැදීමෙන් පසුව ද නොනවත්වා ධාවනය කළ යතුරුපැදිය කීරියන්කල්ලිය ඇඟලුම් කම්හලක් අසලදී එහි සේවිකාවකගේ ශරීරයේ ගැටී අනතුරට ලක්වූ අතර, එහිදී තුවාල ලැබූ ඇය හලාවත රෝහලට ඇතුළත් කෙරුණු බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

පසුව පොලිසිය  එම ස්ථානයේ දී කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර, අනතුරුව ඔවුන් ද ඇතුළත් කෙරුණේ හලාවත රෝහලටයි.

මීට පෙර අවස්ථා රැසකදී ප්‍රදේශයේ සිදුවූ කොල්ලකල්ලි ක්‍රියාකාරකම් පිටුපස මෙම කොල්ලකරුවන් දෙදෙනා ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් සිටී ද යන්න පිළිබඳව සෙවීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කොහු කර්මාන්තයේ හෙට දවස
Wednesday, 25 April 2018 - 10:52
මුන්දලම, මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශයේ ස්වයං රැකියාවක් ලෙස සුළු හා මධ්‍යම පරිමාණ වශයෙන් පවත්වාගෙන... Read More
News Image
Hiru News Programme Segments
382 Views
24,216 Views
2,630 Views
1,108 Views
374 Views
26,294 Views
Top