Hirunews Logo
%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B7%84%E0%B7%82%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Monday, 20 March 2017 - 18:49
තිස්ස අත්තනායකට එජාපයට එන්න බාධාවක් නැහැ - මහලේකම් කබීර් හෂීම් කියයි
15

Shares
1,908

Views
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබන ජූලි මස 17 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද සිතාසි නිකුත් කරනු ලැබුවා.

ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේ කූඨ ලේඛණ සකස් කිරීම ඇතුලු  චෝදනා 3 ක් යටතේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව පවරා ඇති නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේ අද සළකා බැලූනු අවස්ථාවේදියි.

මෙම නඩුවේ පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.

ඔවුන් අද දිනයේ සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය වෙත පැමිණීමට නියමිතව තිබූ නමුත් රාජකාරි කටයුතු හේතුවෙන්  අධිකරණයට පැමිණීමට නොහැකි බවට ඔවුන් දැනුම්දී තිබුණා.

ඒ අනුවයි විනිසුරුවරයා ලබන ජූලි 17 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට සහ  අග්‍රාමාත්‍යවරයාට සිතාසි නිකුත් කළේ.

නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර තිබූ එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය කබීර් හෂීම් අධිකරණය වෙත පැමිණ සිටි අතර ඔහු එහිදී සිය පැරණි මහලේකම්වරයා වූ තිස්ස අත්තනායක පිළිගත්තේ උණුසුම් ලෙස වැළඳ ගනිමින්.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ හිටපු මහලේකම්වරයාට නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට බාධාවක් නොමැති බවයි.

මේ අතර, රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන අප්‍රේල් මස තුන්වනදා දක්වා අද යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ විභාගයට ගැනුනු අවස්ථාවේදියි.

මේ අතර, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ අද වරෙන්තු නිකුත් කළා.

ඒ, උන්වහන්සේ වැඩසිටින කිිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම මගින් තමන්ට පීඩාවක් සිදුවන බවට පරිසර යුක්ති කේන්ද්‍රය සහ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුලු පිරිසක් ගොනු කර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදියි.

අද දිනයේදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබූ නමුත් උන්වහන්සේ පැමිණ නොසිටි නිසා මෙලෙස වරෙන්තු නිකුත් කිරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය පියවර ගත්තේ. මීට අදාළ නඩුව ලබන මස 5 වනදා යළි කැඳවීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
දුනු ඊතල, මිනිපෙට්ටි එක්ක අගනුවරට පැමිණි ගෝත්‍රික වැසියෝ
Wednesday, 26 April 2017 - 13:13
බ්‍රසීල ගෝත්‍ර කණ්ඩායමක් පසුගියදා එරට අගනුවරදී උද්ඝෝෂණයක් පැවැත්වුවා.ඔවුන්ගේ පාරම්පරික ඉඩම්... Read More
News Image
Hiru News Programme Segments
255 Views
194 Views
3,364 Views
4,372 Views
11,830 Views
53,495 Views
Top