Hirunews Logo
%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B6%92%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 20 March 2017 - 21:51
මවට ඒඩ්ස් වැළඳීම නිසා ගනේමුල්ලේ පාසල් දැරියගේ ඥාතීන්ට මව්පියන්ගෙන් දැඩි විරෝධයක්
112

Shares
13,511

Views
ඒඩ්ස් රෝගය වැලදී ඇතැයි කියන සැකයක් මත ගනේමුල්ල කුඩාබොල්ලත ප්‍රදේශයේ දැරියකට සිදුවූ අසාධාරණයක් පිළිබදව අප පසුගියදා අනාවරණ කළා.

දැරිය අදත් පාසලට පැමිණි අවස්ථාවේ ඇය කැඳවාගෙන ආ භාරකරුවන්ට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

ගනේමුල්ල - කුඩාබොල්ලත කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම දැරියට පාසල් නොපැමිණෙන ලෙස පාසල් බලධාරීන් දැනුම් දී තිබුණා.

ඒ දැරියගේ මවට ඒඩ්ස් රෝගය වැලදීම නිසා දැරියටද එම රෝගය වැලදී ඇතැයි යන සැකය මත පාසලේ සෙසු දරුවන්ගේ මව්පියන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේයි.

මේ පිළිබදව විමසීමට දැරියගේ මව පොසිටිව් වුමන් නෙට්වර්ක්ස් ආයතනයේ විධායක නිලධාරිණියද සමගින් පාසලට පැමිණියත් විදුහල්පතිවරයා හමුවීමට ඉඩ ලැබුණේ නැහැ.

දැරිය නැවතත් අද දිනයේ පාසලට පැමිණි අවස්ථාවේ ඇය පාසලට කැඳවාගෙන ආ ඥාතීන් දෙදෙනෙකුට මව්පියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මාගම්පුර වරායට ආ අලුත්ම අමුත්තා
Saturday, 18 March 2017 - 15:03
රටවල් කිහිපයක සංචාරයේ නියැලෙන මගීන් 1200ක් රැගත් මගී නෞකාවක්  18 දින පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර... Read More
News Image
Hiru News Programme Segments
966 Views
6,758 Views
2,959 Views
3,269 Views
6,733 Views
50,440 Views
Top