Hirunews Logo
%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Tuesday, 21 March 2017 - 8:06
මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දුන්නැයි, තවත් බුද්ධි අංශ සාමාජිකයෙකු අත්අඩංගුවට
21

Shares
2,600

Views
මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වූ කරුණු මත ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.

34 හැවිරිදි මෙම හමුදා කෝප්‍රල්වරයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබෙනවා.

‘නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයෙකු ලෙස කටයුතු කළ කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහර දී තිබුණේ 2008 වසරේ මැයි මස 22 වන දායි.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටු කිහිපයක් සඳහා ඉදිරිපත් කළ නමුත්, ඒවා කල් දැමීමට සිදුවුණේ විදේශගතව සිටින මාධ්‍යවේදී කීත් නොයාර් නොපැමිණීම හේතුවෙන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,302 Views
15,272 Views
605 Views
1,413 Views
286 Views
16,706 Views
Top