සුනඛයන් අයාලේ යැව්වොත් වැඩ වරදී

Wednesday, 22 March 2017 - 15:45

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝදනය කිරීමට නීති කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතායි මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුනේ.

ඒ අනුව සුනඛයින් අයාලේ යාමට ඉඩ හරින පුද්ගලයන්ට අධිකරණය මගින් නියම කල හැකි දඩ මුදල රුපියල් 25000 දක්වා ඉහළ යන අතර ලබාදිය හැකි සිර දඩුවම වසර 2 දක්වා වැඩිවනු ඇති.

අයාලේ යන සුනඛයන් හේතුවෙන් මහජනතාවට විවිධ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුව තිබෙනවා.

1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥා පනත මෙම ගැටලුව විසඳීමට ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.

සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ ජලභීතිකා ආඥාපනත සංශෝදනය කර මෙම සියලු ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි නව පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුන ද එය මෙතෙක් අවසන් වී නැහැ.

ඒ අනුව අයාලේ යන සුනඛයන් පිළිබඳ ගැටලුව වහාම නිරාකරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙනයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුනේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories