2015දී එකඟවු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන්න - මානව හිමිකම් මහකොමසාරිස් ශ්‍රී ලංකාවට දන්වයි

Wednesday, 22 March 2017 - 20:30

2015%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B7%80%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව තුල සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාර්තාව මානව හිමිකම් සැසියට ඉදිරිපත් කර තිබෙනවා.

එය ආරම්භ වුයේ මෙරට වේලාවෙන් රාත්‍රි 7.30 ට පමණ.

මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ වාචික වාර්තාවෙන් අනතුරුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

2015 වසරේදී එකගවු නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සැලසුමක් සකස් කරන ලෙසටයි මානව හිමිකම් මහකොමසාරිස්වරයා මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය මෙම යෝජනාව මානව හිමිකම් සැසියට ඉදිරිපත් කර තිබෙනවා.

මහා බ්‍රිතාන්‍යය, මැසිඩෝනියාව, උතුරු අයර්ලන්තය සහ මොන්ටිනීග්‍රෝ යන රටවල් එම යෝජනාව සදහා සම සත්කාරකත්වය දරනවා.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කලේ 2015 ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කාලය වසර දෙකකින් දිගු කිරීමේ අමරිකා යෝජනාවට සම අනුග්‍රහය ලබාදෙන බවයි.

වාර්තාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වු මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා.

"ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලය සමග පවත්වාගෙන යනු ලබන හිතකර සම්බන්ධය පිළිබද මම වඩාත් සතුටු වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත් කර සිදු කරන බලාපොරොත්තු තැබිය හැකි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගේ අවධානයට ලක්වුණා.  කෙසේ වෙතත් එහි අනු කමිටු 6 ලබාදී ඇති වාර්තා සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් අවධානයක් ලක්ව නැහැ. ඒ වගේම සංක්‍රාන්ත යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියත් මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරනවා. මේ සම්බන්ධයෙන් සංහිදියාව පිළිබද කාර්යාල සකස් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබද පුළුල් අවධානය යොමු කරන ලෙස මම ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාව විසින් ද සම අනුග්‍රාහකත්වය දැක්වූ 2015 ජීනිවා යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ස දහා නිශ්චිත ඉලක්ක සහිත කාලරාමුවක් සකස් කිරීම මේ මොහොත් අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතීනට අනුකූලව අභ්‍යන්තර නීති පද්ධතිය සකස් කිරීමත් මේ මොහෙතේ අවශව තිබෙනවා. එහිදී හමුදාව යටතේ ඇති ඉඩම් කඩිනමින් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අන්තර්ජාතික නීතිරීතිවලට අනුකූලව නව පනතක් සකස් කිරීම වැනි කාරණා තවදුරටත් ඉටු කළ යුතුව තිබෙනවා. යුද සමයේ සිදුවු මහා පරිමාණ වධ හිංසන සම්බන්ධයෙන් අදාළ වැරදිකරුවන්ට දඞුවම් පැමිණවීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් තිබෙනවා. ඒ තුළින් පැහැදිලි වන්නේ අධිකරණ ක්‍රියාවලියට ජාත්‍යන්තර සහභාගීත්වයේ වැදගත්කමයි. මගේ කාර්යාලය ඉදිරියටත් ශ්‍රී ලංකා ආණ්ඩුවටත් එහි ජනතාවටත් වගවීම හා සත්‍ය සෙවීමේ සංකීර්ණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා පූර්ණ සහය දැක්වීමට නිරන්තරයෙන් සූදානම්ව සිටිනවා."

මහකොමසාරිස්වරයාගේ වාර්තාවට පිළිතුරු ලබාදුන්නේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.
 
"සලකා බලන කාල පරිච්ඡේදය තුල ශ්‍රී ලංකාව විසින් අත්පත් කරගත් ජයග්‍රහණ සහ ඉටුකරන ලද කාර්යයන් කෙරෙහි අවධානය යොමුකරමින් සකස් කරන ලද වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳව මම මහකොමසාරිස්වරයාට ස්තූතිවන්ත වෙනවා. මේ කවුන්සිලය දන්නා පරිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවේ කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වන යෝජනාවක් එක්සත් ජනපදය සමඟ තවත් රටවල් කිහිපයක් විසින් ගෙනවිත් තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම යෝජනාවේ සම අනුග්‍රාහකත්වය දරන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහාත් මෙලෙස කාලය දීර්ඝ කිරීම සඳහාත් ලබාදුන් සහයෝගයට මම සියලු පාර්ශවයන්ට ස්තූතිවන්ත වෙනවා. මහකොමසාරිස්වරයා හා ඔහුගේ කාර්යාලය සමඟ අපි සමීපව කටයුතු කරනවා. අපේ රටේ සියලු ජනතාවගේ යහපත උදෙසා මෙම සාධනීය හා අර්ථවත් සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි කැප වෙනවා. මානව හිමිකම්, යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත්, ආරක්ෂා කිරීමටත් අපි කටයුතු කරන බැවින් මහ කොමසාරිස්වරයාගේ අදහස්ල නිරීක්ෂණ හා නිර්දේශ අපිට ඉතාමත්ම ප්‍රයෝජනවත්. කිසිදු රටක් මානව හිමිකම් සම්බන්ධයෙන් පරිපූර්ණ නොවන බව මේ කවුන්සිලය දන්නවා. ශ්‍රී ලංකාවේ ජනතාව අතිශය අසීරු වේදනාත්මක කාලයක් පසුකර තිබෙනවා. අප සියලු හවුල්කරුවන් සමඟ ප්‍රයෝජනවත් සහ අර්ථාන්විත ලෙස  කටයුතු කරමින් ශ්‍රී ලංකාව සෙෘභාග්‍යමත්ල විවිධත්වය තුළ ඒකීයත්වයට පත්වු මානව හිමිකම් සුරක්ෂිත නීතියේ ආධිපත්‍ය සහිත රටක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර අනුගමනය කරන බව මම මේ සභාවට සහතික වනවා.  මෙම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදෙන ලෙස සියලු කවුන්සිල සාමාජිකයන්ගෙන්ද, නීරික්ෂකයන්ගෙන්ද අපි ඉල්ලා සිටිනවා."

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්යයන්ට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ගෝලීය සංසදය සංවිධාන කළ විරෝධතාවක් මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට අද පස්වරුවේ පැවැත්වුණා.

ඊට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ද එක්ව සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories