ලක්ෂ 5 ට ලක්ෂ 25 ක මුදල් දෙන ජාවාරමේ තවත් තොරතුරු හෙළිවෙයි

Thursday, 23 March 2017 - 20:12

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+5+%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+25+%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිරු සී.අයි.ඒ හරහා ඊයේ අප හෙළි කළේ වාරියපොළ බස් නැවතුම්පොළ ආශ්‍රිතව ගැවසෙමින් මුදල් වංචා කර පළා යන පුද්ගලයෙකු පිළිබදවයි.

මෙරට වලංගු මුදලින් රුපියල් ලක්ෂ 5 ක් ලබාදුන් විට රුපියල් ලක්ෂ 25 ක ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම සිදු කරනවා.

මෙම පුද්ගලයා පවසන්නේ රුපියල් ලක්ෂ 5 කට අඩුවෙන් කිසිවිටකත් මෙම ගනුදෙනුව සිදු නොකරන බවයි.

හිරු සී.අයි.ඒ කළ ගවේෂණයේදී හෙළි වුණේ මෙම පුද්ගලයා ව්‍යාජ මුදල් නෝට්ටු ලෙස පෙන්වා සිටියේ මෙරට වලංගු මුදල් නෝට්ටුම බවයි.

කෙසේ වෙතත් අවසානයේ සිදු වන්නේ විවිධ පුද්ගලයන්ගෙන් වංචනිකව ලබා ගන්නා මුදල් රැගෙන මෙම පුද්ගලයා පළායෑමයි.

මෙම ජාවාරම්කරුවන්ගේ බසට රැවටී මේ වනවිටත් බොහෝ පිරිසක් රුපියල් ලක්ෂ ගණනින් තම මුදල් අහිමි කරගෙන අවසන්.

අපගේ මෙම හෙළිදරව්ව මෙම කූට ජාවාරම්කරුවන්ගේ හෙට දිනයේ ගොදුර ඔබ නොවීම සඳහායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories