සියලූ සහය ශ්‍රී ලංකාවට දෙන බව රුසියානු ජනපති පවසයි

Friday, 24 March 2017 - 6:37

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
රුසියානු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සියලූම සහය ලබාදෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසනවා.

තුන්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අතර ද්විපාර්ශවීය සාකච්ජා ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේදී මෙම සාකච්ඡා පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ක්‍රෙම්ලින් මන්දිරය වෙත රැගෙන ගිය බව සඳහන්.

දෙරටේ ආර්ථික, වෙළඳ මෙන්ම දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා සහය ලබාදීමට කටයුතු කරන බව එහිදී රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා - රුසියානු සබඳතා ආරම්භ වූයේ තම පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරණායකගේ මූලිකත්වයෙන් වන අතර, එය ඉදිරියට ගෙන යාම තම වගකීම බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 04 කටද අත්සන් තැබුණා.

මේ අතර, මෙම හමුවේදී විශේෂ මතක සැමරුමක් ලෙස රුසියානු ජනාධිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත විශේෂ තිළිණයක්ද පිරිනමා තිබෙනවා.

19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්ථානයක් මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්ථානය එංගලන්තයේ පැවති කෞතුක භාණ්ඩ වෙන්දේසියේදී රුසියාව මිලදී ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories