උත්තර ප්‍රදේශ් මහඇමතිගෙන් රෝමියෝවරුන් වටලන්න බලකායක්

Friday, 24 March 2017 - 10:06

%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කාන්තාවන්ට හිරිහැර කරන පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදුකරන නව පොලිස් බලකායක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ නව මහඇමති යෝගි අධිත්‍යනාත්ගේ නියෝගයෙන් දැන් ක්‍රියාත්මක වනවා.

ඉන්දියානුවන් එය හදුන්වන්නේ රෝමියේ විරෝධී බලකාය ලෙසයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හදවත බදු වූ ලක්නව් නුවර යොදවා ඇති එම පොලිස් බලකායට පොලිස් නිලධාරින් 30 දෙනෙකු සහ පොලිස් කාන්තාවන් 5 දෙනෙකු ද ඇතුළත්.

ඔවුන් අලූයම 4 සිට නගරයේ ප්‍රධාන වීථිවල මෙන්ම සැකකටයුතු ස්ථානවල ගැවසෙන පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, නව මහඇමති යෝගි අධිත්‍යනාත් බලයට පැමිණීමෙන් පසු දිවුරුම්දී සතියක් ගතවීමට පෙර ප්‍රාන්තයේ නිසිලෙස රාජකාරි නොකළ පොලිස් භටයන් 100 කට අධික සංඛ්‍යාවකගේ සේවය අත්හිටුවා ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories