රජගලතැන්න ඵෙතිහාසික පුදබිමේ කැනීම් සහ සංරක්ෂණ කටයුතු අතර මඟ නවතී (ඡායාරූප)

Saturday, 25 March 2017 - 11:00

%E0%B6%BB%E0%B6%A2%E0%B6%9C%E0%B6%BD%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B5%E0%B7%99%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%82%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රජගලතැන්න ඵෙතිහාසික පුදබිමේ කැනීම් සහ සංරක්ෂණ කටයුතු මේ වන විට සම්පුර්ණයෙන්ම නතරවී ඇති බව වාර්තා වනවා.

කැනීම් වල නිරත වන සේවකයන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මාස 03 ක කාලයක් වැටුප් නොගෙවීම හේතුවෙන් එම කටයුතු මෙලෙස නතරවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් පුරාවිද්‍යා භූමියේ කැනීම් කටයුතු කෙරෙන ස්ථාන 32 ක වැඩ කටයුතු ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශය මඟින් 2012 වසරේ මෙහි කැනීම් කටයුතු ආරම්භ කර ඇති අතර මේ වන විට සේවකයන් 120 දෙනෙකු සහ නිලධාරීන් 17 දෙනෙකු එහි සේවය කරනු ලබනවා.

රජගලතැන්න ඵෙතිහාසික පුදබිමේ කැනීම් කටයුතු වලදී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත නටබුන් රැසක් හමුවී තිබෙනවා.



ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories