රාජගිරිය සහ වැලිකඩ පොලිස් වසම්වල සිදුකල විශේෂ අපරාධ නිවාරණ සෝදිසි මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 7 දෙනෙකු ඇතුලු 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම 3.30 සිට උදෑසන 8.30 දක්වායි මෙහෙයුම සිදු කෙරුනේ.
ඊට වැලිකඩ පොලිසියේ නිලධාරීන්ට අමතරව පානදුර / මීගමුව / කැළණිය / කොළඹ උතුර සහ ගම්පහ යන කොට්ඨාශවලින් නිලධාරීන් 87 ක් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 ක් සහභාගී වී තිබෙනවා.
එහිදී නීති විරෝධී මත්පැන් බෝතල් 100 ක් / ගංජා ග්‍රෑම් 10 ක් / හෙරොයින් ග්‍රෑම් 140 ක් සොයාගෙන ඇති අතර වරෙන්තුකරුවන් 7 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුනා.
ඊට අමතරව පුද්ගලයන් 18 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධීව වැලි ප්‍රවාහනය කිරීම් ඇතුලු රථ වාහන නඩු ලබාගැනීම් 16 ක් ද සිදුකර ඇතැයි සඳහන්.
එමෙන්ම මෙම අපරාධ නිවාරණ සෝදිසියේදී හඳුනාගත් නිවාස 300 කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කර තිබෙනවා.
වාහන 140 කට ආසන්න සංඛ්‍යාවක් විශේෂ පරීක්ෂාවට ලක්කෙරුනා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Follow US
Most Viewed Stories