ඒකාබද්ධ විපක්ෂයට රට භාර දුන්නොත් කරන දෙයක් ගැන බන්දුල ගුණවර්ධන කියන දේ

Sunday, 26 March 2017 - 20:15

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
ඒකාබද්ධ විපක්ෂයට රට භාරදෙන්නේ නම් හම්බන්තොට වරායේ ණය වාරික ගෙවීම සිදුකරන හැටි පෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා අද පෙරවරුවේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මේ බව සදහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන.

"පසුගිය සතියේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ගත් ප්‍රධාන ආර්ථික තීන්දුව තමයි උද්ධමනය පාලනය කිරීම සදහා පොලී අනුපාතය ඉහළ නංවන්න කියලා. රටක් විදිහට ඉස්සරහට යන්නට නම් පොලී අනුපාතය තනි ඉලක්කමේ අගයක තිබිය යුතුමයි. මේ වින්නැහි සියල්ල නිර්මාණය කරගත්තේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින්. කවුද ශ්‍රී ලංකා මහ බැංකුවට අණ කළේ ඩොලර් එක රුපියල් 130 මට්ටමක පවත්වාගෙන යන්න. ඩොලර් වෙළෙඳපොලේ අලෙවි කරන්න කියලා. මේ වෙනකොට ලංකා ඉතිහාසයේ වැඩිම ඩොලර් ප්‍රමාණය විකුණලා තියෙනවා වෙළෙඳපොලේ බිලියන 4.3 කට වඩා. මහ බැංකු අධිපතිතුමාම කියනවා ගොඩයන්න තියෙන එකම ක්‍රමය හම්බන්තොට වරාය විකිණීම පමණයි කියලා. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා කියනවා වරාය විකිණීමට ආණ්ඩුව කිසිදු තීන්දුවක් ගෙන නැහැ කියලා. එක්සත් ජාතික පක්ෂය කියනවා මේක විකුණනවාමයි කියලා. මේ බොරු බිල්ලෙක් මවන්නේ. වරායට 2017 වර්ෂයට ණය වාරිකයි පොලියයි ගෙවන්න තියෙන්නේ ඩොලර් මිලියන 95 යි. මේ රට කන්නේ නැතුව විනාශ කරන්නේ නැතුව මේක අපිට භාරදෙන්න. අපිට මේ ඩොලර් මිලියන 95 ගෙවන එක කිසිම ප්‍රශ්නයක් නැහැ."






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories