රන්ජන්ගේ කාර්යාලයේ දී කනේ පාරක් ?

Tuesday, 28 March 2017 - 17:09

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%3F
දිවුලපිටියේ පිහිටි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ කාර්යාලයේ දී එහි සිටි පුද්ගලයෙකු තමන්ට කනට පහරක් එල්ල කළ බව එජාපයේ දිවුලපිටිය ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථාන සංවිධායකවරයෙකු යැයි කියන දූනගහ පදිංචි අනිල් දේශප්‍රිය නම් පුද්ගලයා පවසනවා.

ඔහු කියා සිටින්නේ කෙනෙකු හමුවීමට තමන් එම කාර්යාලයට ගොස් ලිපි ලඝු ලේඛනය කරන දෙස බලා සිටියදී මෙසේ එහි සිටි ජයම්පති නැමැත්තා තමන්ට කනේ පහරක් එල්ල කළ බවයි.

එහිදී ඇද වැටුන තමන්ව එහි සිටි අනෙක් පිරිස බේරාගත් බව ද ඔහු කියා සිටිනවා.

තමන් දිවුලපිටිය පොලිසියට මේ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඔහු සඳහන් කළා.

මේ ගැන විමසීමේ දී දිවුලපිටිය පොලිසිය පැවසුවේ එවන් පැමිණිල්ලක් තවමත් ලැබී නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories