ඩොලර් මිලියන 4 ක, එළිසබත් රැජින සොරා ගනී (ඡායාරූප)

Wednesday, 29 March 2017 - 9:56

%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+4+%E0%B6%9A%2C+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
එළිසබත් රැජිණ ගේ රුව සහිත දැවැන්ත ප්‍රමාණයේ රත්‍රං කාසියක් සොරකම් කර ඇති බව වාර්තා වනවා.

ජර්මනියේ බර්ලින් නුවර බෝඩි කෞතුකාගාරයේ තිබූ මෙම කාසියේ වටිනාකම ඩොලර් මිලියන 4 ක් බවයි වාර්තා වන්නේ.

"big maple leaf" ලෙස හදුන්වා ඇති මෙම කාසිය කැරට් 24 රත්‍රං වලින් නිර්මාණය කර ඇති අතර එහි බර කිලෝග්‍රෑම් 100 ක් බව සදහන්.

මෙම දැවැන්ත කාසියට ඩොලර් මිලියනක වටිනාකමක් එක් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සදුදා රාත්‍රී කාලයේදී මෙම සොරකම සිදුව ඇති බවටයි ආරක්ෂක අංශ සැක කරන්නේ.

කෞතුකාගාරයේ අනතුරු ඇගවීමේ සංඥා ක්‍රියා විරහිත කොට මීටර් භාගයක් පමණ පළලින් යුතු හා විශාල බරකින් යුක්ත මෙම කාසිය සොරුන් විසින් රැගෙන ගියේ කෙසේදැයි තවමත් අනාවරණය වී නැහැ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories