Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+6+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
Friday, 21 April 2017 - 13:09
කොළඹ කුණු එපා කියා මුතුරාජවෙල ප්‍රදේශවාසීන් විරෝධතාවයේ - කරදියානේ විරෝධතා කළ 6 කට නොතීසි
13

Shares
1,619

Views
කොළඹ එක්රැස් වන කැලි කසල මුතුරාජවෙල අභයභුමියට බැහැර කිරිමට එරෙහිව වත්තල - කුඤ්ඤාවත්ත ප්‍රදේශවාසින් විරෝධතාවක නිරත වුණා.

ඒ සදහා ප්‍රදේශයේ කතෝලික පුජකතුමන්ලා ද එක්ව සිටි අතර එහිදි අදහස් දැක්වූ සදාහරිත පරිසර සංවිධානයේ සභාපති බී.අයි.ආබ්දීන් කියා සිටියේ එම ස්ථානයට කුණු බැහැර කිරීමට විරුද්ධ බවයි.

ඊට එක්වූ  ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පලාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ අධිකරණ නියෝගයක් නොමැතිව අභය භූමියක් මෙලෙස ගොඩකරමින් සිටින බවයි.

ඊට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ද ඔහු සදහන් කළා.

කෙසේ වෙතත්, විරෝධතාවය අතරතුර අත්‍යාවශ්‍ය හේතුන් මත කසල බැහැර කිරීම අනිවාර්ය බවට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රදේශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විරෝධතාකරුවන් ඉදිරියේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන් එම විරෝධතාව අවසන් කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඒ අනුව,  කැලිකසල රැගෙන ආ ලොරි රථ 20 ක් පමණ අදාළ ස්ථානයට පැමිණ තිබෙනවා.  

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි සියලූ පලාත් පාලන ආයතන වල කැලි කසල බැහැර කිරිම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් පරිදි මීට ආදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව  ඕනැම පලාත් පාලන ආයතනයක් මගින් ක්‍රියාත්මක කරන අපද්‍රව්‍ය ඉවත් කිරිම, ප්‍රවාහනය, ගබඩා කිරිම, සකස් කිරිම, බැහැර කිරිම මෙන්ම ඊට අදාලව ගැනෙන කටයුතු මෙම සේවාවන්ට අයත්.

එම කාර්යන් හි යෙදිම වැලැක්විම, බලපැම් කිරිම, ජනතාව ප්‍රකෝප කරන අන්දමින් කටයුතු කිරීම මෙන්ම අදාල කටයුතු අවහිර කිරිමට තැත් කිරිම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම විධිවිධාන කඩකරන පුද්ගලයින් වරෙන්තු රහිතව අත්අඩංගුවට ගත හැකි අතර නඩු විනිශ්චයකින් පසු බරපතල සිර දඩුවමකට ලක් කල හැකි බව ද එහි සදහන්.

මේ අතර, කරදියාන කසල අංගනයට කුණු බැහැර කිරිමට අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී ඊට එරෙහිව විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පලාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි, බොරලැස්ගමුව නගර සභාවේ හිටපු සභාපති අරුණ ප්‍රියශාන්ත ඇතුලූ 06 දෙනෙකුට නොතීසි නිකුත් කර තිබෙනවා.

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත්තේ ලබන 24 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සයිටම් විරෝධයක් නිසා ගාල්ල යුද පිටියක් වෙයි
Thursday, 22 June 2017 - 18:09
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා ඊයේ කොළඹ පැවති විරෝධතාවට පහරදීමට එරෙහිව... Read More
News Image
Hiru News Programme Segments
64 Views
5,387 Views
4,041 Views
169 Views
20,303 Views
59,239 Views
Top