Hirunews Logo
%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+-+%E0%B6%85%E0%B6%9A%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92
Friday, 21 April 2017 - 15:25
ගෙවල් අහිමිවූවන්ට නිවාස ප්‍රදානය ඇරඹේ - අකමැති පිරිසට වන්දි
2,868

Views
ඝන අපද්‍රව්‍ය ගැටලුව නිරාකරණය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත්, එහිදී එක් මධ්‍යම අධිකාරියක් වෙත බලය පැවරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

ඒ, මීතොටමුල්ල සිද්ධිය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

එම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාද එක්ව සිටියා.

ඉන් අනතුරුව ප්‍රගති සමාලෝචන රැස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී අදහස් දැක්වු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ මීතොටමුල්ල කසල කන්ද අවට අවදානම් කලාපයෙන් ඉවත් කරන එක් පවුලක් සඳහා රුපියල් 50,000 ක මාසික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.

එමෙන්ම, ඉදිරි දින 03 ක පමණ කාලය ඇතුළත ආපදාවට ලක්වු නිවාස සම්බන්ධයෙන් වන තක්සේරු කටයුතු අවසන් කළ හැකි වනු ඇති බවද අමාත්‍යවරයා එහිදී විශ්වාසය පළ කළා.

එසේම මීතොටමුල්ල කසල කන්ද නාය යාම හේතුවෙන් නිවාස අහිමි වූ 30 දෙනෙකුට නාගරික සංවර්ධන අධිකාරිය අද නිවාස ප්‍රදානය කළා.

ඒ, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදීයි.

98 දෙනෙකුට මෙහිදී නිවාස ලබාදීමට නියමිතව තිබුණ ද 30 දෙනෙකු පමණක් නිවාස ලබාගැනීමට කැමැත්ත පළ කර තිබූ බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර, එම ස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ නව නිවාසවල තක්සේරු වටිනාකමට වඩා ඔවුන්ගේ නිවාසවල තක්සේරු වටිනාකම ඉහළ නම්, එය මුදලින් ගෙවීමට සූදානම් බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඒ-9 මාර්ගයේ අධික මීදුමක්
Tuesday, 13 February 2018 - 14:26
මේ දිනවල උතුරු ප්‍රදේශයේ  බොහෝ ස්ථානවලට උදෑසන කාලයේදී අධික මීදුම් තත්වයක් පවතින බව වාර්තාවනවා.මෙවැනි... Read More
News Image
Hiru News Programme Segments
2,869 Views
14,705 Views
494 Views
1,261 Views
957 Views
16,159 Views
Top