Hirunews Logo
%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+309+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 21 April 2017 - 15:52
සතුරන් 309 කට දිවි අහිමිකල සැඟවුණු වෙඩික්කාරිය (ඡායාරූප)
139

Shares
16,717

Views
දෙවන වන ලෝක යුද්ධයට සහභාගී වූ රුසියානු සෙබළියන්ගේ දුර්ලභ ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම කාල සමය තුල ගුවන් නියමුවරියන්, වෛද්‍ය නිළධාරිනියන්, ස්නයිපර්වරුන් ලෙස ලක්ෂ අටකට ආසන්න හමුදා සෙබළියන් පිරිසක් රුසියානු හමුදාවේ සේවයකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සෙබළියන් අතර සිටි මේජර් Lyudmila Pavlichenko නම් ස්නයිපර්වරියට හමුදා ඉතිහාසයේ සුවිශේෂි ස්ථානයක් හිමිවනවා.

දෙවන ලෝක යුද්ධ සමය තුළ නාසි හමුදාවේ 309 දෙනෙකු ඝාතනය කළ ලොව එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම ස්නයිපර්වරිය ලෙස සැලකෙන්නේ Lyudmila Pavlichenko බවයි වාර්තා වන්නේ.

ඇය විසින් ඝාතනය කළ 309 දෙනා අතර ස්නයිපර්වරුන් 36 දෙනෙකු ඇති බව සදහන්.

1941 වසරේ දී මැය රතු හමුදාවට එක්ව ඇති අතර එම වකවානුව තුල කාන්තා ස්නයිපර්වරුන් 2,000 ක් පමණ රතු හමුදාවේ සේවය කර ඇති අතර දෙවනි ලෝක යුද්ධය අවසන් වනවිට ඉන් ඉතිරිව සිටියේ 500 කට ආසන්න ප්‍රමාණයක් බවයි වාර්තා වන්නේ.

Lyudmila Pavlichenko රුසියානු හමුදාවේ 25 වන රයිෆල් බලකායට අනියුක්තව සේවය කර තිබෙනවා.

1974 ඔක්තොම්බර් මස 10 වනදා Lyudmila Pavlichenko මිය ගොස් ඇති අතර ඇය මිය යනවිට 58 හැවිරිදි වියේ පසුවූ බව සදහන්.

රුසියාවේ ඇය වෙනුවෙන් සමරු මුද්දරද නිකුත් කර තිබෙනවා.

02 වන ලෝක යුද්ධයට සහභාගී වූ රුසියානු සෙබළියන්ගේ දුර්ලභ ඡායාරූප පහතින්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top