Hirunews Logo
%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%80%2C+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F
Friday, 21 April 2017 - 17:23
අමානුෂික වූ මව, වසර 5 ක් තිස්සේ ගස්, ගල්, කණු වල දුවයි පුතයි බැඳ දමලා
101,374

Views
වසර 5 ක් තිස්සේ ගස් ගල් වල සහ කණු වල බැඳ දමා සිටි ළමුන් දෙදෙනෙකු කතරගම නාගහවීදිය ගම්මානයෙන් සොයාගෙන තිබෙනවා.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රාස්ත්‍රපති අභිනවාරාම විහාරාධිපති කපුගම සරණතිස්ස හිමියන්ට ලද තොරතුරකට අනුවයි මෙම දරුවන් සොයාගෙන ඇත්තේ.

පොලිස් නිලධාරීන් සමඟ එහි ගිය උන්වහන්සේ ඒ වනවිට කොන්ක්‍රීට් කණුවක බැඳ සිටි මෙම ළමුන් දෙදෙනා මුදාගෙන තිබෙනවා.

මෙලෙස ගැටගසා සිටියදී සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 7 ක් පමණ වන කුඩා පිරිමි දරුවෙකු සහ අවුරුදු 17 ක් වන ගැහැණු දරුවෙකු බවටයි වාර්තා වන්නේ.

අදාළ දරුවන්ගේ මව තවත් ආබාධිත ගැහැණු දරුවෙකු සමඟ කතරගම පූජා භූමියේ යාචක වෘතියේ යොදවන බවද එහිදී අනාවරණ වී තිබෙනවා.

බොහෝ කලක් තිස්සේ මෙලෙස දරුවන් ගැටගසා තැබෙන බවත් ඔවුන්ගේ පියා මියගොස් ඇති බවත් වැඩිදුර විමර්ශන වලදී අනාවරණ වූවා.

අදාල කාන්තාව අනියම් සැමියා සමඟ වාසය කරන අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිසිය විටින් විට මෙම දරුවන්ට නිසිලෙස සලකන ලෙසට උපදෙස් දී තිබෙනවා.

අනතුරුව පොලිසිය විසින් අදාළ සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ තම දරුවන් ආබාධිත තත්වයේ පසුවන බැවින් තමන් මෙලෙස දරුවන් බැඳ දැමූ බවයි.

එම කාන්තාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දරුවන් ළමා නිවාසයකට බාරදීමට උත්සහ කළද දරුවන්ගේ ආබාධිත තත්වය හේතුවෙන් එය සිදුකිරීමට නොහැකි වූ බවයි.

එම ස්ථානයට වැඩම කළ අභිනවාරාම විහාරාධිපති කපුගම සරණතිස්ස හිමියන් ප්‍රකාශ කළේ මෙවැන්නක්.

ලෝක ළමා දිනයට පමණක් ළමුන් ගැන කථා කරන වැඩක් මේක. මේ දරුවන් ගස් බැඳලා තිබුණේ ඉතාම අමානුෂික ලෙස. මවක් විසින් ඇයි මෙහෙම කරන්නේ. දරුවන් මානසික රෝගයකින් පෙලෙන බව මව පවසනවා. නමුත් මම ඇවිත් දරුවන්ට වතුර දුන්නා කෑම කැව්වා. ළමුන් හිනාවෙලා කෑම කෑවා, බිව්වා. මේ ළමුන්ට ආදරය කරුණාව ලැබිලා නෑ. අසරණ දරුවෝ අසූචි ගොඩේ ජීවත් වෙනවා. ගිනි ගහන අව්වට දුර්වල වෙනවා. රජයේ ළමා ආරක්ෂක අධිකාරිය ළමා අයිතිවාසිකම් සුරකින ආයතන මේ දරුවන් පිළිබඳව සොයා බැලිය යුතුයි. මානසික රෝග තිබුනා කියලා දරුවන්ට තිරිසන්නු වගේ සැළකීම වැදගත් වන්නේ නැහැ. මෙම දරුවන්ගේ මවත් බීමත්ව සිටින ගෙදර ඇති අරක්කු බෝතල් දැක්කම පෙනවා.

කතරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top