බිල් ගේට්ස් දරුවන්ට ජංගම දුරකථන තහනම් කරයි

Saturday, 22 April 2017 - 15:38

%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලොව ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස් සිය දරුවන් හට වයස අවුරුදු 14 වන තෙක් ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන බිල් ගේට්ස් සිය දරුවන්ට වයස අවුරුදු 14න් පසුව ස්මාට් ජංගම දුරකතයනක් භාවිත කිරීමට අවස්ථාව දුන්නද දුරකථන සමග දරුවන්ට ගත කළ යුතු කාලය පිළිබඳව සීමාවක්ද පනවා ඇති බව සදහන්.

බිල් ගේට්ස් බ්‍රිතාන්‍ය පුවත්පතක් සමහ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම රාත්‍රී කෑම මේසයේදී සහ නින්දට යෑමට පෙර ජංගම දුරකථන භාවිතයද බිල් ගේට්ස් විසින් තහනම් කර තිබීම විශේෂත්වයක්.

මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ වන ගේට් වසය අවුරුදු 20, 17 හා 14 යන වයස්හි පසුවන දරුවන් තිදෙනෙකුගේ පියෙක්.

එංගලන්තයේ මිරර් පුවත් පත සමග සමමුඛ සාකච්ඡාවකට එක්වෙන විට ගේට්ස් පැළඳ සිටි ඔරලෝසුව ඩොලර් 10ක වටිනාමකින් යුත් කැසියෝ ඔරලෝසුවක් වූ බවද එම පුවත්පත පෙන්වා දෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories