ප්‍රංශයේ ජනාධිපතිවරණය අදයි

Sunday, 23 April 2017 - 8:43

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
දින තුනකට පෙර පැරිස් අගනුවර ත්‍රස්ත ප්‍රහාරයක් වාර්තාවීමෙන් අනතුරුව අද ප්‍රංශයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා දැඩි ආරක්ෂාවක් සළසා තිබෙනවා.

එලෙස පොලිස් භටයන් 50,000 ක් සහ සෙබළුන් 7000 ක් ප්‍රංශයේ වීථිවල ආරක්ෂක කටයුතු සඳහා යොදාවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අන්ත වාමාංශික සිට අන්ත දක්ෂිනාංශික දක්වා විවිධ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන අපේක්ෂකයන් 11 දෙනෙකු ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටිනවා.

ඔවුන් අතුරෙන් වැඩිම ඡන්ද ලබාගන්නා අපේක්ෂකයන් දෙදෙනා තව සති දෙකකින් ජනාධිපතිවරණයේ දෙවන වටය සඳහා සුුදුසුකම් ලබනු ඇති.

මෙවර ප්‍රංශ ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන තේමාවක් වී ඇත්තේ යුරෝපයේ සංක්‍රමණික අර්බුදයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories