රජ ගෙදර සූපවේදියා මහ රැජිනගේ රස රහසක් හෙළිකරයි (ඡායාරූප)

Sunday, 23 April 2017 - 13:48

%E0%B6%BB%E0%B6%A2+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB++%E0%B7%83%E0%B7%96%E0%B6%B4%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%83+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අවුරුදු පහළොවක කාලයක් පුරා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබත්  රැජිනගේ මුලුතැන්ගේ කරයුතු කරන සූපවේදියකු හැටියට ඩැරන් මැක්ගේඩ් ප්‍රසිද්ධයි.

ඔහු සමඟ රාජකීය මුලුතැන්ගෙය පිළිබදව සාකච්ඡාවක්  පවත්වන්නට පසුගිය දා බ්‍රිතාන්‍ය සඟරාවක් කටයුතු කර තිබුණා.

එහිදී මහ රැජන කැමැතිම කෑම මොනවා දැයි ඔහුගෙන් විමසා තිබුණු අතර චොකලට් බිස්කට් කේක් කෑමට රැජන ඉතාම ප්‍රිය බවයි ඔහු පවසා ඇත්තේ.

වසර 15ක කාලයක්  රාජකීය මුලුතැන්ගේ මහ රැජන වෙනුවෙන් සතියකට වතාවක් චොකලට් බිස්කට් කේක් හැදෙන බව ඩැරන් මැක්ගේඩ් පවසා තිබෙනවා.

රැජින එම චොකලට් බිස්කට් කේක් ආහාරයට ගන්නවට  අමතරව ඇය අදටත් ඕනෑම ගමනක් පිටත්වෙද්දී සිය අත් බෑගයට එයින් කැබලි කිහිපයක් ඔබා ගන්නා බවත් ඔහු හෙළිකර තිබෙනවා.

ඊට අමතරව අල, සුදුලූනු, පැස්ටා හා පිටිවලින් සැකසූ කෙටි කෑම අනුභවයට මහ රැජන අකැමැති බවටත් ඔහු එහි සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories