සැමියා බිරිඳ ඝාතනය කරයි

Sunday, 23 April 2017 - 13:50

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගල්කිස්ස - අත්තිඩිය ප්‍රදේශයේදී සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා.

අද අලූයම මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ අත්තිඩිය සිද්ධාර්ථ මාවත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තාවන්නේ.

ඝාතනය සිදුකළ සැමියා මේ වනවිට ගල්කිස්ස පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ පවුල් ආරවුලක් මත සැමියා විසින් මෙලෙස බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories