තමිල්නාඩුවේ ජලාශ, තහඩුවලින් වසයි

Sunday, 23 April 2017 - 16:40

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%2C+%E0%B6%AD%E0%B7%84%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩුවේ ජලාශවල ජලය ඉතිරි කර ගැනීමට ප්‍රාන්ත රජය නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වාෂ්පීභවන පරිවාරක තහඩු එරට වැව් මත එලීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙමගින් ජලය මතුපිට ආවරණය වීම නිසා ජලය වාෂ්පවී යාම අවම වන බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මේ වන විට තමිල්නාඩු ජනතාව අතර උණුසුම් කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඇතැමුන් පවසන්නේ මේ හේතුවෙන් ජලාශ ආශ්‍රිත මත්ස්‍ය සම්පත් විනාශ විය හැකි බවයි.

මේ අතර, මෙලෙස අතුරන ලද තහඩු ජල මට්ටම්වල වෙනස්වීම් සහ සුළෙඟ් බලපෑම මත විනාශ වීමේ අවදානමක් ද මතුව ඇති බව සදහන්.

ඉන්දීය රජය මේ සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ප්‍රතිපාදන යොදා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories