සුපිරි නිවසකට හිමිකම් කියන ළාබාල කෝටිපතිනිය (ඡායාරූප)

Sunday, 23 April 2017 - 17:35

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%85%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
‘Spider-Man Homecoming’ චිත්‍රපටය මේ වන විට ලොව පුරා තිරගත වෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සදහා රංගනයෙන් දායකවන සුරූපී යොවුන් නිළි Zendaya වෘත්තීය නිළියක ලෙස ප්‍රවීණත්වයට පත් වීමට පෙර සුඛෝපභෝගී නිවෙසක හිමිකාරියක් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වර්ග අඩි 4,155ක වපසරියක විහිදී ඇති මේ දෙමහල් නිවසෙහි නිදන කාමර 5ක් සහ නාන කාමර 5ක් තිබෙන බව සඳහන්.

ඇගේ මේ අලුත් නිවසෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක්. වන අතර ලොස් ඇන්ජලීස් නුවර එය පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

කුඩා කාලයේදී සුව පහසු ජීවිතයක් ගත නොකළ තමන්, මෙවැනි සුඛෝපභෝගී නිවහනක් පිළිබඳව සිහින මැවූ බවයි, Zendaya පවසා තිබෙන්නේ.

“මම පුංචි කාලෙ ජීවත් වුණේ තට්ටු ගේක නෙමෙයි. ඒ ගෙදර ඒ.සී. තිබුණෙ නැහැ. ස්විමින් පූල් එකක් තිබුණෙත් නැහැ.” Zendaya අතීතය සිහිපත් කරමින් ඇය මෙලෙස  පවසා තිබෙනවා.

මේ සුපිරි නිවසෙහි කිරි ගරු‍ඬෙන් තැනූ නාන කාමර මෙන් ම සුපිරි නාන තටාක ඇතුළු තවත් අංග රැසක් ඇති බවයි පැවසෙන්නේ.

මැය තවමත් 20 හැවිරිදි වියේ පසුවනවා.


 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories