නිදහස් පක්ෂ මැයි රැළියට සියලු මන්ත්‍රීවරුන් පැමිණීම අනිවාර්ය කරයි

Monday, 24 April 2017 - 7:36

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මහනුවර - ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි දින රැළියට පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව ඊයේ රාත්‍රියේ පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදියි.

ගැටඹේ පැවැත්වෙන නිදහස් පක්ෂ මැයි දින රැළියට සහභාගි නොවන පක්ෂයේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මැයි පළමුවනදායින් පසු පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගැනීමටද ඊයේ එකඟතාවකට පැමිණ තිබෙනවා.

මැයි මස පළමුවනදා පැවත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි මෙම මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා තිබුණේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories