උණුසුම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමක්

Tuesday, 25 April 2017 - 7:41

%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හෙටින් ආරම්භ වන දෙවන පාසල් වාරයත් සමඟ සිසුන්ට, පවතින උණුසුම් සහිත කාලගුණික තත්ත්වය නිසා ඇති වන අපහසුතාවන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට විශේෂ උපදෙස් ලබාදී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව පාසල් සිසුන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීම අවම කිරීම, ජලය පානය කිරිමට සිසුන් යොමු කිරීම වැඩි කිරීම, හිරු රශ්මියට ඔරොත්තු දෙන පරිදි හිස් වැසුම් සහ කුඩ ආදිය භාවිතයට පෙළඹවීම සුදුසු බවයි.

එමෙන්ම පානීය ජල පහසුකම් ලබාදීමේදී පාසල්වල පිහිටුවා ඇති ජල ටැංකිවල පවිත්‍රතාවය පිළිබදව විශේෂ අවධානයක් යොමු කරන ලෙසට ද විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories