පළුදු වූ සබදතා යළි අරඔන්න ඕස්ට්‍රේලියානු අගමැති ඇමරිකාවට යයි

Wednesday, 26 April 2017 - 13:43

%E0%B6%B4%E0%B7%85%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%B6%E0%B6%AF%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුල්වරට හමුවීමට සූදානම් වනවා.

ඒ මැයි මස 04 වැනිදා නිව්යෝක් නුවර පැවැත්වෙන දෙවන ලෝක යුධ සැමරුමක් අතරතුරයි.

ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු වුණා.

ඒ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඕස්ට්‍රේලියාව සමඟ ඔබාමා රජයේ පැවති සංක්‍රමණික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් කියා සිටියේ මෙම හමුව දෙරට අතර පවතින මතභේද දුරු කර ගැනීමේ හොද අවස්ථාවක් වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories