නොකළ වරදකට අත්අඩංගුවට ගෙන පොලිසිය පහරදුන් බවට තරුණයෙකුගෙන් චෝදනා

Thursday, 27 April 2017 - 20:07

%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
තමන් නොකළ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගම්පොළ පොලිසියේ නිලධාරීන් විසින් තමාට දරුණු ලෙස පහරදුන් බවට ගම්පොළ පුපුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකු චෝදනා කරනවා.

ඔහු ප්‍රකාශ කළේ මේ වනවිට තමා ඇවිදීමට පවා නොහැකි තත්ත්වයකට පත්වී ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ පොලිසිය පහර දුන් බවට පැමිණිල්ලක් ඇතොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට සූදානම් බවයි.

ගම්පොළ පුපුරැස්ස රජතලාව සහ පන්විලතැන්න යන ප්‍රදේශවල පදිංචි දෙදෙනෙකු මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවට ඔවුන්ගේ ඥාතීන් පෙරේදා රාත්‍රියේ ගම්පොළ පොලිසියට පැමිණිලි කර තිබුණා.

තම ඥාතීන් දෙදෙනා පැහැර ගැනීමට ආයුධ සන්නද්ධව පැමිණි පිරිස තමන් පොලිස් නිලධාරීන් බවට ප්‍රකාශ කළ බවද ඔවුන් සදහන් කර තිබෙනවා.

අප ඊයේ මේ සම්බන්ධයෙන් ගම්පොළ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ කොළඹ පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් විමර්ශන කටයුත්තක් සඳහා මොවුන් දෙදෙනා රැගෙන ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, අද පෙරවරුවේ අදාළ පුද්ගලයා ගම්පොළ මහේස්ත්‍රාතවරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් අදාළ පුද්ගලයා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කළා.

අදාල පහරදීම සම්බන්ධයෙන් පහර කෑමට ලක්වූ පුද්ගලයා ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට ද පැමිණිල්ලක් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories