ධ‍්‍රැව සිදුරු කිරීමට ට්‍රම්ප්ගෙන් අණක්

Saturday, 29 April 2017 - 10:43

%E0%B6%B0%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A
උත්තරධ‍්‍රැවයට ආසන්න ආක්ටික් ප්‍රදේශය සහ අත්ලාන්තික් ප්‍රදේශයේ කැණීම් සිදුකර තෙල් ගවේෂණය සඳහා පවතින සීමාවන් අවම කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වූ විධායක නියෝගයකට ඇමරිකානු ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ධ‍්‍රැව සහ මුහුදු ප්‍රදේශ තෙල් කැණීම් සඳහා යොදා ගැනීමට පාරිසරික සංවිධානවලින් එල්ල වන්නේ දැඩි විරෝධයක්.

ඇමරිකානු සංරක්ෂිත සහ සාගර ප්‍රදේශ ප්‍රමාණය ඉක්මවා සංවර්ධනය වළක්වාලීමේ නියෝගයක් හිටපු ජනාධිපති බැරක් ඔබාමා නිකුත් කර තිබුණා.

ජනපති ට්‍රම්ප්ගේ නව නියෝගයෙන් එය අහෝසි වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories