ජලය සොයා එන මුවන් ඝාතනය කිරීමේ ජාවාරමක්

Saturday, 29 April 2017 - 21:58

%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නියං සමය හේතුවෙන් ජලය සොයා පැමිණෙන මුවන් ඝාතනය කර මස් පිණිස අලෙවි කිරීමේ ජාවාරමක් මිහින්තලේ අභයභූමිය තුළ මේ දිනවල ක්‍රියාත්මකවන බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ අනාවරණය කළේ ප්‍රදේශයේ උසස් නිලධාරීන්ගේ සාදවල මස් අවශ්‍යතාවය සැපිරීම වෙනුවෙන් මෙම මුවමස් යොදාගන්නා බවයි.

මෙරටට බුදුදහම රැගෙන ආ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ පාදස්පර්ශය ලත් මිහින්තලේ අභයභූමිය සැලකෙන්නේ ලොව පැරණිතම අභයභූමිය ලෙසටයි.

කෙසේ වෙතත් එම අභය භූමියේ වෙසෙන මුවන් ඝාතනය කර මස් ලබාගැනීමේ ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මකවීම ශෝචනීය තත්ත්වයක්.

මෙම අපරාධය සිදුවන්නේ සත්ත්ව ආරක්ෂකයින්ගේද අනුදැනුම මත බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අනුරාධපුර ප්‍රදේශයේ ආපනශාලාවලට මස් පිණිස අලෙවි කිරීම සදහා ද මෙලෙස මුවන් වැඩි වශයෙන් ඝාතනය කරන බව අනාවරණ වී තිබෙනවා. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories