Hirunews Logo
%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%9D+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
Thursday, 18 May 2017 - 10:23
දුටුගැමුණු පුතුගේ පාරේ යන ජපානයේ මැකෝ කුමරිය
6,712

Views
ආදරය වෙනුවෙන් රජකම පවා අතහැරි කුමාර කුමරියන් ගැන ලෝකයෙන් මෙන්ම ශ්‍රී ලංකාවෙන් ද උදාහරණ තිබෙනවා.

දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු අශෝකමාලා වෙනුවෙන් රජකම අත්හැරියා.

අලුත්ම කතාව ඇහුනේ ජපානයෙන්.

ඒ, ජපන් අකිහිතෝ අධිරාජයාගේ මිනිබිරිය වූ 25 හැවිරිදි වියේ පසුවන මැකෝ කුමරිය.

සාමාන්‍ය පුද්ගලයෙකු සමඟ විවාහ වීම සඳහා මැකෝ කුමරිය තීරණය කිරීම නිසා ඇයට සිය රාජකීය වරප්‍රසාද සියල්ල අහිමි වී තිබෙනවා.

මැකෝ කුමරිය සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතු කෙයි කොමුරෝ නමැති තරුණයා සමඟ විවාහවීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් ටෝකියෝ නුවර අවන්හලකදී හමු වී ඇති අතර ටෝකියෝ නුවර ජාත්‍යන්තර ක්‍රිස්‌තියානි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවස්‌ථාවේ මාකෝ කුමරියද එහි අධ්‍යාපනය ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මාකෝ කුමරියගේ විවාහ මංගල්‍යය පිළිබඳව ජපාන රජ මාළිගය කිසිදු නිවේදනයක්‌ නිකුත් කර නැහැ.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
11 Views
580 Views
5,413 Views
3,966 Views
76 Views
13,701 Views
Top