Hirunews Logo
%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A
Thursday, 18 May 2017 - 10:52
පිළිකාවට ප්‍රතිකාර කරන්න පියාගෙන් මුදල් ඉල්ලූ දියණියට ලැබුණු දේ
285

Shares
34,245

Views
පිළිකාවක් වැළඳුණු තම දියණියට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කළ පියෙකු පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ, අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අවුරුදු 13ක් වයසැති තම දියණියට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය වන මුදල් ලබා දෙන ලෙස දියණිය සහ ඇයගේ මව විසින් කළ ඉල්ලීම පියා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව දියණියගේ මව විසින් ඔවුන් ජීවත් වන නිවස විකුණා එම මුදල් ලබා ගැනීමට තැත් කර ඇති අතර ඒ පිළිබදව දැනගත් පියා දියණිය සහ මව නිවසින් පන්නා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මෙලෙස නිවසින් පන්නා දැමුනු මව සහ රෝගී දියණියට අසල්වාසීන් විසින් පිහිට වී ඇති බව සදහන්.

පිළිකා රෝගය වැළදුණු අදාල දැරියට  ප්‍රතිකාර කිරීම සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 40ක මුදලක් අවශ්‍යව තිබු බවයි වාර්තා වන්නේ.

දැරියගේ පියා එම ප්‍රදේශයේ මැර කල්ලියක සාමාජිකයෙක් බව වාර්තා වනවා.

කෙසේ වෙතත් අවුරුදු 13 රෝගී දැරිය පසුගිය 14 වනදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
608 Views
6,899 Views
6,007 Views
6,210 Views
386 Views
8,417 Views
Top