Hirunews Logo
%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93+-+CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Friday, 19 May 2017 - 15:05
වැල්ලවත්තේ කඩාවැටුණු ගොඩනැගිල්ලට අනුකූලතා සහතිකයක් ලබාගෙන නෑ - ඇමති පාඨලී - CCTV දර්ශනත් එළියට
481

Shares
57,820

Views
කඩා වැටීමට ලක්වූ වැල්ලවත්තේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කිසිදු අනුකූලතා සහතිකයක් හෝ සැලසුම් සහතිකයක් ලබාගෙන නොමැති බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අද අවධාරණය කළා.

ඒ සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි. එසේම, 2009 වසරේ නිවාස සංකීර්ණයක් සඳහා සැලසුම් අනුමත කර ගෙන ඇතත්, එහි ද අනුකූලතා සහතිකය නොමැතිව ජනතාව පදිංචි කර තිබෙන බවයි ඔහු කියා සිටියේ.

කඩා වැටුණු ගොඩනැගිල්ල ඊට පිටුපසින් ඉදිකර ඇති බව ද අමාත්‍යවරයා එහිදී හෙළි කළා.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ද ප්‍රකාශ කළේ අදාළ ඉදිකිරීම සඳහා තම සංවිධානයේ අවසරය ද ලබාගෙන නොතිබූ බවයි.

කෙසේ වෙතත්, මහල් 8 ක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා ගත් බව ගොඩනැගිල්ලේ හිමිකරුගේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

ඔහු සඳහන් කළේ අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාගෙන තිබූ බවයි.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් අතුරුදන්වී ඇති බවට සැකකෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකු සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය ද එක්ව සිටිනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු ලබාදීමට කිසිවෙකුත් නොමැති බැවින් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීමට අපහසු වී ඇති බවයි.

ඊයේ සිදුවූ මෙම සිද්ධියෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

මේ අතර වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩාවැටෙන අයුරු දැක්වෙන CCTV දර්ශන මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එම දර්ශන පහතින්.








Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පුත්තලමෙන් තවත් මහා පරිමාණ කුඹුක් සංහාරයක්
Wednesday, 23 August 2017 - 21:45
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාක අතරින් වදවීයාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ කුඹුක් ශාඛයට මෙරටදී... Read More
News Image
Hiru News Programme Segments
414 Views
10,267 Views
4,745 Views
1,816 Views
47 Views
5,595 Views
Top