Hirunews Logo
Update+%3A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 19 May 2017 - 16:55
Update : සිදුකරන්නේ හමුදාව ඉවත් කිරීම නොව ශක්තිමත් කිරීමයි - ජාතික රණවිරු සැමරුමේදී ජනපති කියයි
40

Shares
4,909

Views
ආරක්ෂක අංශ සාමාජිකයන් අඩු කළ යුතු බවට ඇතමුන් ප්‍රකාශ කළත් රජය නිරන්තරයෙන් ආරක්ෂක හමුදා ශක්තිමත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 2017 ජාතික රණවිරු සැමරුම පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී අද (19) පස්වරුවේ අමතමින්.

රණවිරු සැමරුම සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම, යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මියගිය රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමෙන් පසු සර්වාගමික වතාවත් ද පැවැත්වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රණවිරු සැමරුම ඇමතීමෙන් පසු රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම ද සිදුකෙරුණා.


Update : Friday, May 19, 2017 19.22
--------------------------------

2017 ජාතික රණවිරු සැමරුම පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය ඉදිරිපිටදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.

ඊට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු, ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම, යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකර විනාඩි 2 ක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් අනතුරුව, රණවිරු සැමරුමේ වැඩකටයුතු ආරම්භ කෙරුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු SUPER DANCER කිරුළ තිනේෂිකා නිසල්යා හිමිකර ගනී
Monday, 14 May 2018 - 15:15
පුංචි නැට්ටුවන් පිරවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන "හිරු SUPER DANCER" තරඟයේ... Read More
News Image
Hiru News Programme Segments
14 Views
446 Views
3,351 Views
2,073 Views
88 Views
29,764 Views
Top