Hirunews Logo
Update+%3A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 19 May 2017 - 17:26
Update : කිලිනොච්චි වෙඩි තැබීමට සම්බන්ධ වූවන් සොයන්න පොලිස් නිල සුනඛයින් (ඡායාරූප)
471

Shares
56,618

Views
කිලිනොච්චිය - පලෙයි - අරසකේනි - කච්චාරු ප්‍රදේශයේදී පොලිස් රථවාහන අංශයේ මෝටර් රථයක් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් සිදු කළ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ සඳහා පොලිස් නිළ සුනඛයන්ගේ සහය ද ලබාගෙන ඇති බවයි.

අද අලුයම 12.30ට පමණ කැලෑ බද ප්‍රදේශයකින් පොලිස් මෝටර් රථයට ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.

එම අවස්ථාවේ  පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු මෝටර් රථය තුළ ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන්ට එහිදී හානියක් සිදුවූයේ නැහැ.

කෙසේ වෙතත්, වෙඩි ප්‍රහාරයෙන් අසළ තිබූ දුම්රිය සංඥා කුටියකට හානි සිදුව තිබුණා.  






(ඡායාරූප - වන්නි රොමේෂ් මදුශංක)


Update : Friday, May 19, 2017 18.52
------------------------------------------



කිලිනොච්චිය අරසකේනි කච්චාරු ප්‍රදේශයේදී පොලිස් මෝටර් රථයට වෙඩි තැබූ අය සොයා අද අළුයම සිට යුද හමුදාවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ දක්වා වෙඩි තැබූ පුද්ගලයින් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති අතර වෙඩි තැබූ ගිනි අවිය ආවාරණ කොටස් කිහිපයක් හමු වී ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස සොයාගත් උපකරණ ඔස්සේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි පලෙයි පොලීසිය කියා සිටියේ.

යුද හමුදාවේ විශේෂ බලකායත් පොලිස් විශේෂ කාර්ය බලකායත් ඒකාබද්ධව මෙම මෙහෙයුම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු SUPER DANCER කිරුළ තිනේෂිකා නිසල්යා හිමිකර ගනී
Monday, 14 May 2018 - 15:15
පුංචි නැට්ටුවන් පිරවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන "හිරු SUPER DANCER" තරඟයේ... Read More
News Image
Hiru News Programme Segments
14 Views
446 Views
3,351 Views
2,073 Views
88 Views
29,764 Views
Top