Hirunews Logo
%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94
Friday, 19 May 2017 - 18:03
අන්තරේ කැඳවුම්කරු ලහිරු අත්අඩංගුවට ගන්න වරෙන්තු
57

Shares
6,910

Views
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන සඳුදා ක්‍රියාත්මක කිරීමට නියමිත වරුවක වැඩවර්ජනය දිනක වර්ජනයක් දක්වා දීර්ඝ කිරීමේ බලය එම සංගමය විසින් සිය ශාඛා සමිති වෙත පවරා තිබෙනවා.

අද (19) විධායක කමිටුව රැස්වී මෙම තීරණය ගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සයිටම් විරෝධී පෙළපාලියට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයට එරෙහිව ලබන සඳුදා වරුවක වර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට  පෙර ප්‍රකාශ කළා.

මේ අතර, අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි  ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුලු සරසවි සිසුන් අටදෙනා ද අද ඇප මත මුදා හැරුණා.

ඒ සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් පරීක්ෂණවලට බලපෑම් නොකරන ලෙසයි.

මේ අතර, එම විරෝධතාවයේදී පොලිසිය අමානුෂික ලෙස තමන්ට පහරදුන් බව පවසමින් වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව සහ වෛද්‍ය ශිෂ්‍ය ජාතික දෙමාපිය සංවිධානය අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුලු සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද වරෙන්තුවක් නිකුත් කලා.

ඒ 2015 වර්ෂයේ ඔක්තෝම්බර් මස 06 වනදින පැවති උද්ඝෝෂණයකට අදාළවයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති එම උද්ඝෝෂණයේදී ඔවුන් මහජන පීඩාවක් සිදුවන අයුරින් හැසිරී ඇති බවට චෝදනා කරමින් කුරුදුවත්ත පොලිසිය අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

එම නඩුවට පෙනී සිටීම සඳහා අධිකරණ භූමියට පැමිණ සිටියත් නඩු විභාගය සිදුවන අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනි නොසිටිම හේතුවෙන් මෙලෙස ඔවුන්ට වරෙන්තු නිකුත් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු SUPER DANCER කිරුළ තිනේෂිකා නිසල්යා හිමිකර ගනී
Monday, 14 May 2018 - 15:15
පුංචි නැට්ටුවන් පිරවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන "හිරු SUPER DANCER" තරඟයේ... Read More
News Image
Hiru News Programme Segments
14 Views
446 Views
3,351 Views
2,073 Views
88 Views
29,764 Views
Top