Hirunews Logo
%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
Friday, 19 May 2017 - 18:59
බොදුබල සේනා සංවිධානයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
92

Shares
11,066

Views
පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් අද කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊට එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ වර්තමානයේ පැන නැගී ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවයි.

මේ අතර, අමාත්‍ය රිෂාද් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම් මරික්කාර්, මුජිබර් රහුමාන් සහ අසාද් සාලිට එරෙහිව බොදුබල සේනා සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන ලෙස ඉල්ලමින්.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ද අද (19) දහවල් වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා.

ඒ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසීමටයි.

මුජිබර් රහුමාන්

- අපි 2015 ජයග්‍රහණයේදී පරාජය කරපු ජාතිවාදී පැසිස්ට්වාදී බලවේග නැවත හිස ඔසවලා නැවත ජාතිවාදී කෝලහාල ඇතිකරන්න අද ක්‍රියාකරගෙන යනවා. ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හින්දා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු අමාත්‍යවරු මුණගැසිලා අද තීන්දුවක් ගත්තා වහාම ජනාධිපතිතුමාව හමුවෙලා, අග්‍රාමාත්‍යතුමාව හමුවෙලා මේ පිළිබඳව සාකච්ඡා කරලා රජය ඇයි නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය අපි අහන්නේ. රජයට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි භාවයක් තියෙනවා නම් අපි තීරණය කළා අද තීන්දුවකට අපිට යන්න වෙනවා කියන එක අපි තීරණය කළා.

- පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

- තම ආගමික ඉගැන්වීම් මත අන්තවාදීව හා ජාතිවාදීව පමණක් නොව හිරිකිත ලෙස අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍රයක් අනුගමනය කරමින් මුළු මහත් දේශයම මෘදු ආක්‍රමණයකට හා සමාජීය බෙදුම්වාදයකට යොමු කරමින් නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාකාරකම්හි නිරත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර්, සහ අසාද් සාලි කියන ඒ පුද්ගලයින් 4 දෙනාට එරෙහිව. පොලිස්පතිතුමාගෙන් අපි ඉල්ලනවා කරුණාකරලා මේ කරුණු සලකා බලලා වහාම මෙම දේශපාලකයන් හා ඒ පවුල්වල අයගේ බැංකු ගිනුම් ඒ වගේම ඉඩකඩම් සහ දේපොළ ව්‍යාපාර පිළිබඳව වහාම සොයා බලා නඩු පවරලා මේ රටේ

 - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

- මිනිස්සුන්ට බියක් සැකක් නැතුව ජීවත් වෙන්න අයිතියලබලා දීලා අද දවසට අවුරුදු 8 ක් ගතවෙනවා. එහෙත් අද දවස වෙනකොට කිසිම චෝදනාවක්
නොමැතිව රණවිරුවන් ප්‍රමාණයක් සිරගෙයි ඇතුළේ රැදී සිටිනවා. ඒ නිසා ඔවුන්ගේ දුක සැප බලලා ඔවුන්ට ආශීර්වාද කරන්නයි මම ආවේ. ඒ වගේම මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඔවුන් තියේ නම් චෝදනාවක් උසාවියට දාලා ඇප ලබා දෙන ලෙස.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
196 Views
2,645 Views
3,653 Views
5,191 Views
15,915 Views
56,293 Views
Top