Hirunews Logo
%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
Friday, 19 May 2017 - 22:33
කටුනායකට ඉහළ අහසේ ගුවන් යානයක ගින්නක්
359

Shares
43,122

Views
තායිලන්තයේ සිට දෝහා බලා ගමන් ගනිමින් තිබූ ගුවන් යානයක් තුල ඇතිවූ හදිසි තත්වයක් හේතුවෙන් එම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්සවා තිබෙනවා.

අදාළ යානයේ ගිනි ගැනීමක් ඇතිවීම හේතුවෙන් මෙලෙස ගොඩබස්සවා ඇති බවයි කටුනායක අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ගුවන් යානය අද රාත්‍රි 8.27 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා ඇති බවයි වාර්තා වන්නේ.

යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන යානයක් නොවන බවත් එය ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ගමන් ගනිමින් තිබියදී ඇතිවූ මෙම තත්වය හේතුවනේ එහි ගුවන් නියමුවා වහාම යානය කටුනායක ගුවන් තොටුපළ වෙත සුරක්ෂිතව ගොඩබැස්සීමට පියවර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපළ තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් ගිනි නිවන රථ ,රෝගීන් ප්‍රවාහනයට අවශ්‍ය ගිලන් රථ ආදිය සූදානම් කර මෙම යානය ගොඩබැස්සීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට යානයේ මගීන් මෙම ගුවන් යානයෙන් ඉවත්කර ඇති බවටයි වාර්තා වන්නේ.

ගුවන් යානයේ මෙම තත්වය ඇති වීමට හේතු සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
608 Views
6,899 Views
6,007 Views
6,210 Views
386 Views
8,417 Views
Top