Hirunews Logo
%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B6%A7%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92
Saturday, 20 May 2017 - 7:03
සැමට කඳුළ උරුම කරමින් සදහටම දෙනෙත් පියාගත් පුංචි සමාධි
223

Shares
26,805

Views
මව්පියන් දරුවෙකු මෙළොවට බිහි කරන්නේ දහසකුත් එකක් ප්‍රාර්ථනා පොදි බැඳ ගනිමින්.

නමුත් ඒ සිහින බොඳ කරන්නට හිත් පිත් නැති වෙඩි උණ්ඩයකට ගත වුණේ එක් නිමේෂයක් පමණයි.

පසුගිය දිනක පිළියන්දල ප්‍රදේශයේ සිදුවූ වෙඩි හුවමාරුවකට සමාධි මැදි වූයේ තම සහෝදරයා සහ සහෝදරිය ද සමගින්.

එහිදී ලද තුවාල සමගින් දින 10ක් කොළඹ සහ කළුබෝවිල රොහ්ල්වල දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් සමග සටන් කළ සමාධි ඊයේ ඒ
සටනින් පරාජය වුණා.

ඒ මව්පියන් ඇතුළු සියලු දෙනාට කඳුළ උරුම කර දෙමින්.

මේ සමාධි රණසිංහ පතිරණ.

ඇය පතිරණ පවුලේ මද්දුම දියණිය ලෙස මෙළොවට බිහි වන්නේ වැඩි මහල් සහෝදරයෙකු සහ බාල සහෝදරියකට අතරමැදිවයි.

මව්පියන්ගේ නොමද ආදරයට මැදිව ජීවත් වූ සමාධිගේ පය ගැටුනු මේ නිවස අද මව්පියන්ගේ විලාපයෙන් පිරී ගොසින්.

11 හැවිරිදි සමාධි ඊයේ පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සදහටම සමාධිගත වුණා.

පිළියන්දල, මඩපාත පොල්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය අකුරු කළේ බොරැල්ල රත්නාවලී බාලික විද්‍යාලයේ.

පසුගිය 9 වැනිදා පස්වරුවේ පිළියන්දල මොරටුව පාරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඉලක්කර කර යතුරුපැදි 2කින් පැමිණි පිරිසක් වෙඩි තැබීමක් සිදු කළා.

සිද්ධිය වන අවස්ථාවේ තම පියාගේ වෙලෙඳසැළේ සිටි සමාධි, ඇයගේ සහෝදරයා සහ සහෝදරිය මේ ප්‍රහාරයට මැදිව කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

ඔවුන් අතරින් වයස අවුරුදු 7ක් වූ සමාධිගේ නැගෙණිය ප්‍රතිකාර ලබා පිටව ගියත් ඇයගේ වැඩිමහල් සහෝදරයා සහ ඇය කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි
සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.

රෝහල්ගත කළ දිනයේ සිට ඇය මියයන තුරුත්, සිහිසුන් තත්ත්වයේ පසුවූ අතර අද අලුයම සමාධි මව්පියන් ඇතුළු සියලු දෙනාගෙන් සදහටම සමුගත්තා.

සමාධිගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.

සමාධිගේ ඥාති සහෝදරයෙක්

අපිට වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙලා ඉවරයි.තව එක්කෙනක් ඉන්නවා කළුබෝවිල අයි.සී.යූ එකේ.කරුණාකරලා ඉල්ලන්නේ වගකිවයුත්තන්ගෙන් ඉන්න කෙනා හරි රට ගෙනිහිල්ලා හරි අපිට සනීප කරලා දෙන්න.9 වැනිදා රෑ දරුවන්ට වෙඩි වැදිලා මෙතනට ගෙනාවට පස්සේ 9 වැනිදා රෑම දරුවව ආයේ කලුබෝවිල රෝහලට ගෙනියනවා.ආපහු එවනවා පෙරේදා රෑ මෙතනට.අද උදේ පාන්දර ළමයා නැතිවෙනවා.කාටද අපි මේවා කියන්නේ කවුද මේවා අහන්නේ.

මෙම වෙඩි තැබීමෙන් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා බරපතළ තුවාල ලැබූ අතර පොලිස් සැරයන් චමින්ද අබේවික්‍රම මහතා එදිනම ජීවිතක්ෂයට පත් වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පුත්තලමෙන් තවත් මහා පරිමාණ කුඹුක් සංහාරයක්
Wednesday, 23 August 2017 - 21:45
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාක අතරින් වදවීයාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ කුඹුක් ශාඛයට මෙරටදී... Read More
News Image
Hiru News Programme Segments
414 Views
10,267 Views
4,745 Views
1,816 Views
47 Views
5,595 Views
Top