Hirunews Logo
%E0%B6%85%E0%B6%AB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
Saturday, 20 May 2017 - 7:22
අණ නොතකා යන්න හැදූ මෝටර් රථයේ පොලිස් නිලධාරියෙක් එල්ලුණු හැටි
451

Shares
54,212

Views
කඩුගන්නාව ප්‍රදේශයේ වෙළෙඳසැලක් කොල්ලකා පලායමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට හබරණ පොලිසිය සමත් වුණා.

සැකකරුවන් පලායමින් සිටි මෝටර් රථය නවත්වා පරීක්ෂා කිරීමට සූදානම් වීමේදී එය නොනවත්වා ධාවනය කිරීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල
ලැබුවා.

ඊයේ අලුයම 4 ට පමණ කඩුගන්නාව ප්‍ර දේශයේ වෙළෙඳසැලක් කොල්ලකා පලායමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා හබරණ පොලිසියේ කණ්ඩායම් කිහිපයක් රථවාහන පරීක්ෂාවක් සිදුකලා.

සැකකරුවන් පලායන බවට තොරතුරු ලද KY – 5203 දරණ කලු පැහැති මෝටර් රථය පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරු වාහනය නොනවත්වා ධාවනය කළේ මෙසේයි.

එය වැළැක්වීම සඳහා පොලිස් නිලධාරියෙක් රියදුරු පාලනය කිරීමට උත්සාහ කළ අතර එහිදී මෝටර් රථය ධාවනය කර ඇත්තේ පොලිස් නිලධාරීයාද මෝටර් රථයේ එල්ලී සිටියදීයි.

එම මෝටර් රථය පොලිස් නිලධාරියාද සමඟින් ධාවනය වන ආකාරය ආරක්ෂක කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා.

සැකකරු පොලිස් නිලධාරියා රථයෙන් ඉවත් කිරීම සඳහා මාර්ගයේ ගමන්කළ සිමෙන්ති ප්‍රවාහනය කරන බවුසරයක මෝටර් රථය ගැටීමට සලස්වා තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියා තුවාල ලැබූ අතර, සැකකරුවන් මෝටර් රථය දමා පලාගියා.

මෝටර් රථයේ තිබී වාහනවලට සවිකරන කැසට් යන්ත්‍ර 6 ක් හමු වී තිබෙනවා.

පලාගිය සැකකරුවන් පස්දෙනා ත්‍රිකුණාමලය සෙවණගම හා ගල්ඔය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට පසුව පොලිසිය සමත්වුණා.

තුවාල ලැබූ පොලිස් නිලධාරියා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පුත්තලමෙන් තවත් මහා පරිමාණ කුඹුක් සංහාරයක්
Wednesday, 23 August 2017 - 21:45
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාක අතරින් වදවීයාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ කුඹුක් ශාඛයට මෙරටදී... Read More
News Image
Hiru News Programme Segments
414 Views
10,267 Views
4,745 Views
1,816 Views
47 Views
5,595 Views
Top