මිසයිලය සාර්ථකයි - උතුරු කොරියාව

Monday, 22 May 2017 - 13:48

%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
උතුරු කොරියාව ඊයේ දිනයේදි අත්හදා බැලූ මධ්‍යම පරිමාණයේ බැලස්ටික් මිසයිලය සාර්ථක වු බව එරට ආරක්ෂක අංශ සනාථ කරනවා.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී අවශ්‍ය වුවහොත් යුදමය අවස්ථාවකදී මෙය ප්‍රයෝජනවත් වන බවයි.

මෙම බැලස්ටික් මිසයිලයේ අන්තර්ගත න්‍යෂ්ටික ප්‍රමාණය සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවයි උතුරු කොරියානු ආරක්ෂක අංශ සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මීට පෙර උතුරු කොරියාවට මිසයිල අත්හදා බැලීම් සිදු නොකරන ලෙස අවවාද කර තිබුණා.

කෙසේ වෙතත් මෙම අත්හදා බැලීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය හෙට රැස්වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories